දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ නිබඳ ආකර්ෂණයට ලක්වූ නරඹන්නන්ගේ නෙත් සිත් පැහැර ගන්නා ස්ථානයක් ලෙස ඇඩිෂම් බංගලාව හැඳින්විය හැකිය. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගරයේ මෙය පිහිටා තිබේ.මෙහි පිහිටීමේ විශේෂත්වය් නම් මේ සුන්දර බංගලාව පිහිටා තිබෙන්නේ තංගමලේ අභයභූමියට අයත් වපසරියක් තුළය.
ශාන්ත බෙනඩික්
තාපසාරාමය නොහොත් ඇඩිෂන් බංගලාව ඉතා දැවැන්ත නිර්මාණයකි. ඉංග්‍රීසි වංශාධිපතියකු මෙන්ම
වැවිලිකරුවකු වන මොහු කොළඹ පිහිටි වෙළෙඳ හා වතු ඒජන්සියක් වන ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ
හිටපු සභාපති ශ්‍රීමත් තෝමස් විලියර්ස් විසින් වර්ෂ 1931දී මෙය ඉදිකරන ලදී. ඇඩිෂම් නමින් නම් කරන ලද, එය ටූඩර් සහ ජැකබීන්
ශෛලියෙන් නිර්මාණය කරන ලද අතර එය නිදන කාමර, කියවීම් ශාලා, පුස්තකාල, කෑම කාමර, සඳළු තල ආදී පහසුකම්
වලින් සමන්විත විය. ශ්‍රීමත් තෝමස් විශ්‍රාම යන තුරුම ඇඩිෂම් ශාලාව යටත් විජිතයේ ප්‍රමුඛ
පුද්ගලයන් රැසකට සත්කාරකත්වය සැපයූ අතර ඉන්පසුව එය මිලදී ගන්නා ලද්දේ සේදවත්ත වතු හිමිකරුවන්
වන දොන් චාල්ස් විජේවර්ධන සහ ඔහුගේ දියණිය රුක්මණී විජේවර්ධන විසින් 1950 වසරේදීය.
ඇඩිෂම් බංගලාවේ ඇතුළත සුවිශේෂී අංගයන් රැසකගෙන් යුක්ත වේ. ඉන් එකක් නම්
බංගලාවේ ඇතුළත විසිත්ත කාමරයේ බිත්තියක් මත රඳවා ඇති ශ්‍රීමත් තෝමස් විලියර්ස්ගේ රුව පින්තාරු කරන ලද චිත්‍රයයි. මේ චිත්‍රය නිර්මාණය කර තිබෙන්නේ ඩේවිඩ් පේන්ටර් නමැති චිත්‍ර ශිල්පියා විසින්. එමෙන්ම මේ බංගලාවේ වහලයත් ඉතාම සුවිශේෂීයි. එනම් බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක ලී විශේෂ ක්‍රමයකට අනුව සකසන ලද උළුවලින් මේ වහලය සෙවිලි කර තිබෙන්නේ. එසේම වහලයේ දක්නට ලැබෙන සුළං කවුළු තුළින් එන වාතය නළ මාර්ග මඟින් බංගලාව ඇතුළත ඇති උඳුන වෙත ගෙනැවිත් කාමර උණුසුම් කරන ක්‍රමයක් අතීතයේ පැවැති බව දක්නට පුළුවන්. මෙහි ඇතුළත බිත්ති කළු ගලින් තනන ලද ඒවාය. එපමණක් නොව ශ්‍රීමත් තෝමස් විලියර්ස් භාවිත කළ විද්‍යුත් උපකරණ සහ වෙනත් ගෘහ භාණ්ඩ රැසක් තවමත් එලෙසින්ම සුරක්ෂිතව ඇති ආකාරය දැකගන්නට පුළුවන්.
ඇඩිෂම් බංගලාව නොහොත් ශාන්ත බෙනඩික් ආරාමය අක්කර 12ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර බංගලාව කාමර හතළිහකින් සමන්විත වේ. ආරාම උද්‍යානය වටා සුන්දර නේකවිධ වර්ණයන්ගෙන් යුත් රෝස මල් සහ ඕකිඩ් මල් සහිත මනරම් දර්ශන නරඹන්නට ඔබට හැකිය. බංගලාවේ ඉහළ කොටසට වනාන්තරයක් සහ කුරුලු අභයභූමියක් අයත් වේ. මෙහි ඇති සීතල මීදුම සහ තේ වතුවලින් පිරුණු කුඩා කඳුකරය පරිසරයේ සුන්දරත්වය තවත් වැඩි කරයි.
එක් පැත්තකින් ෆයිනස් කඳුවැටිය සහ අනෙක් පසින් මුළු හපුතලේ නගරයම දිස්වන අතර බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගය මෙම බංගලාවෙහි විවිධත්වය තවත් වැඩි කරයි. තංගමලේ අභයභූමියට අයත් ඝන වනාන්තර ආවරණයකින් වට වූ මේ ඇඩිෂම් බංගලාව මනරම් පරිසරයකින් යුක්තය. වර්තමානය වනවිට මෙය බෙනඩික් භික්ෂුන් විසින් පවත්වාගෙන යනු ලබන ආරාමයක් වන අතර එය සංචාරකයන් සඳහා විවෘතව පවතින්නේ සෙනසුරාදා, ඉරිදා සහ අඟහරුවාදා යන දිනයන්හිදී උදෑසන 9.30 සිට සවස 4.30 දක්වා පමණි. සීතල මීදුම් වලාවන් අතරින් ඇවිද යන අතරේ නේකවිධ කුරුලු කූජනයන් රසවිඳිමින් තංගමලේ අභයභූමියට අයත් වනාන්තරය මැදින් යන ඔබට එහි මිහිර කිසිදිනක අමතක නොවන සුන්දර මතකයක් වනු ඇත
.jpeg)




Nice one
ReplyDelete