වර්ග කිලෝමීටර 65,000ක භූමි ප්‍රදේශයකටත්,කිලෝමීටර 1330ක වෙරළබඩ තීරයකටත් හිමිකම් කියන ඉතාම පොහොසත් සංස්තික උරමයක් සතු බහු වාර්ගික,බහු සංස්තියක් හිමි මුහුදු සේද මාවතේ කේන්ද්‍රගතව පිහිටි මෙම සුන්දර දිවයින ශ්‍රී ලංකාව ලෙස නම් දරයි.
සිලෝන්,සෙරන්ඩිබ්,තම්පබන්නි,තැප්බ්‍රෝබෙන් ආදී නම්වලින් හැදින්වූ මෙම සුන්දර දිවයින වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙස නම් දරයි.දකුණු ආසියානු රාජ්‍යක් වන ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්කෙහි නිරිත දෙසින් සහ අරාබි මුහුදේ ගිණිකෝන දෙසින් පිහිටා ඇත.
පළාත් අටකටත්, දිස්ත්‍රික්ක විසි හතරකටත් පරිපාලන පහසුව සඳහා බෙදා දක්වා ඇති ශ්‍රී ලංකාවේ අග නගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන අතර ප්‍රධාන පරිපාලන වාණිජ නගරය කොළඹයි.
මිලියන විසිදෙකක ජනගහනයක් ජීවත් වන ශී ලංකාව,විශාලම ජනගහනයක් ජීවත්වන දූපත් ලැයිස්තුවේ එකලොස්වන තැන හිමි කර ගනියි.එම ජනගහනයේ 70%ක් බෞද්ඨයන් වන අතර ඉතිරි 30%න් 12%ක් හින්දු භක්තිකයන්ද,9%ක් ඉස්ලාම් භක්තිකයන්ද,7%ක් ක්‍රිස්තියානි භක්තිකයන්ද,2%ක් වෙනත් ආගමිකයන්ද වෙති.






