Saturday, November 1, 2025

ඉංජිනේරු තාක්ෂණයේ විශ්මය ලොවට කියන වික්ටෝරියා වේල්ල

 


මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්‍ටාසයේ බෝලගල කන්ද එකට යා කිරීමෙන්  සදා ඇති විශිෂ්ටතම නිර්මාණයක් නම් වික්ටෝරියා වේල්ලයි.වික්ටෝරියා වේල්ල, මහවැලි ගංගාවේ ඉහළ කොටසේ (කිලෝමීටර 209) තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි දෙආරුක්කු වේල්ලකි. මෙය වික්ටෝරියා ජලාශය වෙනුවෙන් ඉදිකර ඇත.

මෙම වේල්ල සෑදීමට යොදා ගන්නා ස්ථානය වන්නේ මහවැලි ගඟේ පටුම ස්ථානයයි.මහවැලි ගගට හුලු ගග


එකතු වෙන ස්ථානයට මදක් පහලින් මෙම වික්ටෝරියා වේල්ල පිහිටා ඇත.මධ්‍යම පලාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්‍ටාසයේ බෝලගල කන්ද එකට යා කිරීමෙන්  වික්ටෝරියා වේල්ල සාදා ඇත.

වික්ටීරියා වේල්ල සෑදීමේ අරමුණු සොයා බැලීමේදී,

*. කෘෂිකර්මාන්තය සදහා ජලය ගබඩා කිරීමට.

*.ජල විදුලිය නිශ්පාදන කිරීමට.

*. වේල්ලේ ඉහල ප්‍රදේශයේ සිටිය අයගේ ජල පරිබෝජනයට.

*.මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට.

*. ගං වතුර පාලනය කිරීමට.

ආදිය දැක්විය හැකි වෙයි.


මේ වේල්ල සාදනු ලබන්නේ පිහිටි කලු ගලක් මත කලු ගල සිදුරු කර අත්තිවාරම  සඳහා කලු ගල සිදුරු කරමිණි.මෙහි පිහිටි කලුගලේ මුලු ගැබුර මීටර් 237.වේල්ලෙ උස මීටර් 121 වන අතර දිග මීටර් 520කි. මෙහි උපරිම ජල මට්ටම මුහුදු මට්ටමෙන් 438.04 ක් වන අතර මෙතුල සම්පූර්ණ ගබඩා කල හැකි ජල ප්‍රමාණය ඝණමීටර් දස ලක්ශ හත්සිය විසිදෙකක් වේ.උපරිම ජල මට්ට්මේදි ජලාශය විහිදිලා යන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 23.7 ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට විහිදිලා යයි.මේ වේල්ල තට්ටු 7කින් සමන්විත වන අතර ඒ තට්තු 7ත තුලම එහා මෙහා ගමන් කිරීමට හැකියාව තිබේ.


මේ වේල්ල සම්පූර්නයෙන් පිරෙන විට වේල්ල උපරිම මිලිමීටර් 68 අවමය මිලිමීටර් 30ක් පහලට තල්ලු වෙයි.මෙහි තවත් විශේෂත්වයක් නම් වේල්ලට යකඩ කම්බි දශමයක්වත් යොදාගෙන නැති වීමයි.මේ සඳහා යොදා ගත් විශේෂ ක්‍රමවේදය නම් කොන්ක්‍රීට් අනන විට අයිස් වතුරෙන්කොන්ක්‍රීට් ඇනීමයි.

වික්ටෝරියා වේල්ල කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ ඉදි කරන ලදී.  හෙක්ටයාර 365,000 ක භූමි ප්‍රදේශයකට වාරි සම්පාදනය කිරීම හා මෙගාවොට් 600ක විදුලිය නිපදවීම වෙනුවෙන් මෙහි සැලසුම් නිර්මාණය කර තිබුණි.  1978 අගෝස්තු මස 14 වන දින හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් වික්ටෝරියා වේල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර එය සම්පූර්ණයෙන් නිම කිරීම 1985 අප්‍රේල් මස 12 දින උත්සවාකාරයෙන් සනි‍ටුහන් කෙරිණි. වේල්ල හා උමග ඉදිකිරීම බ්‍රිතාන්‍ය බද්ධ ව්‍යාපාරයක් වූ බැල්ෆෝර් බියැටි සහ එඩ්මන්ඩ් නටාල් විසින් සිදු කරන ලද අතර, විදුලි බලාගාරය


ඉදිකිරීම කොස්ටේන් සමූහය විසින් සිදුකරන ලදී. ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරුවන් ලෙස ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ගිබ් සහ හවුල්කරුවෝ කටයුතු කළහ. වේල්ල ඉදිකිරීම හේතුවෙන් ඇස්තමේන්තු ගත ප්‍රමාණය මෙන්  30,000 ජනකායක් නැවත පදිංචි කිරීමට සිදුවිය.මෙම නිර්මාණය සැබැවින්ම විස්මය ජනිත කරන අත්වීදීය නිර්මාණයකි.






No comments:

Post a Comment

ඉංජිනේරු තාක්ෂණයේ විශ්මය ලොවට කියන වික්ටෝරියා වේල්ල

  මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේ...