Friday, October 31, 2025

සුන්දර හපුතලය තේජාන්විත කරන ඇඩිෂන් බංගලාව

 


දෙස්  විදෙස් බොහෝ සංචාරකයන්ගේ නිබඳ ආකර්ෂණයට ලක්වූ නරඹන්නන්ගේ නෙත් සිත් පැහැර ගන්නා ස්ථානයක් ලෙස ඇඩිෂම් බංගලාව හැඳින්විය හැකිය. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගරයේ මෙය පිහිටා තිබේ.මෙහි පිහිටීමේ විශේෂත්වය්  නම් මේ සුන්දර බංගලාව පිහිටා තිබෙන්නේ තංගමලේ අභයභූමියට අයත් වපසරියක් තුළය.

ශාන්ත බෙනඩික් තාපසාරාමය නොහොත් ඇඩිෂන් බංගලාව ඉතා දැවැන්ත නිර්මාණයකි. ඉංග්‍රීසි වංශාධිපතියකු මෙන්ම වැවිලිකරුවකු වන මොහු කොළඹ පිහිටි වෙළෙඳ හා වතු ඒජන්සියක් වන ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ හිටපු සභාපති ශ්‍රීමත් තෝමස් විලියර්ස් විසින් වර්ෂ 1931දී මෙය ඉදිකරන ලදී.  ඇඩිෂම් නමින් නම් කරන ලද, එය ටූඩර් සහ ජැකබීන් ශෛලියෙන්  නිර්මාණය කරන ලද අතර එය නිදන කාමර, කියවීම් ශාලා, පුස්තකාල, කෑම කාමර, සඳළු තල ආදී පහසුකම් වලින් සමන්විත විය. ශ්‍රීමත් තෝමස් විශ්‍රාම යන තුරුම ඇඩිෂම් ශාලාව යටත් විජිතයේ ප්‍රමුඛ පුද්ගලයන් රැසකට සත්කාරකත්වය සැපයූ අතර ඉන්පසුව එය මිලදී ගන්නා ලද්දේ සේදවත්ත වතු හිමිකරුවන් වන ‍දොන් චාල්ස් විජේවර්ධන සහ ඔහුගේ දියණිය රුක්මණී විජේවර්ධන විසින් 1950 වසරේදීය.

ඇඩිෂම් බංගලාවේ ඇතුළත සුවිශේෂී අංගයන් රැසකගෙන් යුක්ත වේ. ඉන් එකක් නම්


බංගලාවේ ඇතුළත විසිත්ත කාමරයේ බිත්තියක් මත රඳවා ඇති ශ්‍රීමත් තෝමස් විලියර්ස්ගේ රුව පින්තාරු කරන ලද චිත්‍රයයි. මේ චිත්‍රය නිර්මාණය කර තිබෙන්නේ ඩේවිඩ් පේන්ටර් නමැති චිත්‍ර ශිල්පියා විසින්.   එමෙන්ම මේ බංගලාවේ වහලයත් ඉතාම සුවිශේෂීයි. එනම් බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක ලී විශේෂ ක්‍රමයකට අනුව සකසන ලද උළුවලින් මේ වහලය සෙවිලි කර තිබෙන්නේ. එසේම වහලයේ දක්නට ලැබෙන සුළං කවුළු තුළින් එන වාතය නළ මාර්ග මඟින් බංගලාව ඇතුළත ඇති උඳුන වෙත ගෙනැවිත් කාමර උණුසුම් කරන ක්‍රමයක් අතීතයේ පැවැති බව දක්නට පුළුවන්. මෙහි ඇතුළත බිත්ති කළු ගලින් තනන ලද ඒවාය. එපමණක් නොව ශ්‍රීමත් තෝමස් විලියර්ස් භාවිත කළ විද්‍යුත් උපකරණ සහ වෙනත් ගෘහ භාණ්ඩ රැසක් තවමත් එලෙසින්ම සුරක්ෂිතව ඇති ආකාරය දැකගන්නට පුළුවන්. 

ඇඩිෂම් බංගලාව නොහොත් ශාන්ත බෙනඩික් ආරාමය අක්කර 12ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර බංගලාව කාමර හතළිහකින් සමන්විත වේ. ආරාම උද්‍යානය වටා සුන්දර නේකවිධ වර්ණයන්ගෙන් යුත් රෝස මල් සහ ඕකිඩ් මල් සහිත මනරම් දර්ශන නරඹන්නට ඔබට හැකිය. බංගලාවේ ඉහළ කොටසට වනාන්තරයක් සහ කුරුලු අභයභූමියක් අයත් වේ. මෙහි ඇති සීතල මීදුම සහ තේ වතුවලින් පිරුණු කුඩා කඳුකරය පරිසරයේ සුන්දරත්වය තවත් වැඩි කරයි.


එක් පැත්තකින් ෆයිනස් කඳුවැටිය සහ අනෙක් පසින් මුළු හපුතලේ නගරයම දිස්වන අතර බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගය මෙම බංගලාවෙහි විවිධත්වය තවත් වැඩි කරයි. තංගමලේ අභයභූමියට අයත් ඝන වනාන්තර ආවරණයකින් වට වූ මේ ඇඩිෂම් බංගලාව මනරම් පරිසරයකින් යුක්තය.  වර්තමානය වනවිට මෙය බෙනඩික් භික්ෂුන් විසින් පවත්වාගෙන යනු ලබන ආරාමයක් වන අතර එය සංචාරකයන් සඳහා විවෘතව පවතින්නේ සෙනසුරාදා, ඉරිදා සහ අඟහරුවාදා යන දිනයන්හිදී උදෑසන 9.30 සිට සවස 4.30 දක්වා පමණි.  සීතල මීදුම් වලාවන් අතරින් ඇවිද යන අතරේ නේකවිධ කුරුලු කූජනයන් රසවිඳිමින් තංගමලේ අභයභූමියට අයත් වනාන්තරය මැදින් යන ඔබට එහි මිහිර කිසිදිනක අමතක නොවන සුන්දර මතකයක් වනු ඇත




සොබා දහමේ සුන්දරත්වයෙන් පෝෂණය වූ පට්ටිපොල

 


ශ්‍රී ලංකාවේ සුන්දරම දුම්රිය ගමන් සහ  ලොව දුෂ්කරතම දුම්රිය මාර්ග අතුරින් 07 වන් ස්ථානය හිමි වන උඩරට දුම්රිය මාර්ගයේ පිහිටා ඇති පට්ටිපොල දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ, මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානයයි.  මුහුදු මට්ටමේ සිට 1897m ක් ඉහළින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය   අඹේවෙල සහ ඔහිය යන දුම්රිය ස්ථාන දෙකට මැදිව පිහිටා තිබේ.

මෙම දුම්රිය ස්ථානය මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති අතර කොලඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ආසන්න වශයෙන් කිමී. 225 ක පමණ දුරක් ගෙවූ විට ප්‍රධාන මාර්ගයේ පිහිටි 62 වන දුම්රිය ස්ථානය ලෙස  හමු වේ. මෙහි ආරම්භය 1893 වර්ෂයේදී පමණ සිදු වී ඇති බව ඉතිහාස සාක්ෂි හමු වෙයි.

එමෙන්ම ලොව පිහිටා ඇති පළල අඟල් 5.5 වූ පටු අමාන දුම්රිය මාර්ගයක් ගමන් ගන්නා


උසම ස්ථානය  පිහිටා ඇත්තේ ද පට්ටිපොල දුම්රිය ස්ථානය ආශ්‍රිතවයි.උඩරට මාර්ගයේ රඹුක්කන සිට බදුල්ල දක්වා ගමන්කිරිමේදී තිබෙන සීඝ්‍ර නැග්මෙහි අවසානය පට්ටිපොල දුම්රිය ස්ථානය වන අතර එතැන් පටන් බදුල්ල දක්වා ඇත්තේ බැස්මකි. නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටා තිබීම නිසාද යම් යම් කාලගුණික විපර්යාස නිසාද බොහෝ දිනවල සවස 5.00 - 5.30 වන විට අවට පරිසරය මීදුමින් වැසී යන අතර කුඩා වැහි පොදක් ද ඇති කරමින් සැඳෑ අදුර විසින් මේ සුන්දර පරිසරය ගිල ගනී. සාමාන්‍යයෙන් සවස 6 ,7 වන විට 17°c - 16°c තරම් පහල උෂ්ණත්වයක් පට්ටිපොල පරිසරය හිමි කර ගනියි.


ද්විත්ව එන්ජින් වල උපකාරයෙන් ධාවනය වන බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙහි අනෙක් එන්ජිම සවි කිරීමද සිදු වන්නේ සුන්දර පට්ටිපොල දුම්රිය ස්ථානය හි වන අතර කොලඹ කොටුව තෙක් ධාවනය වන තැපැල් දුම්රිය පසුපස එන්ජිම ඉස්සරහට සවි කිරීමද , එලෙසම බදුල්ල තෙක් ධාවනය වන දුම්රියට ගම්පොලින් ලබා දෙන එන්ජිම ඉස්සරහට සවි කිරීම ද මෙම දුම්රිය ස්ථානයේදී සිදු වේ. දුම්රිය සේවයකයන් අතරින් දුෂ්කරතම රාජකාරියක් ලෙස සැලකෙන  එන්ජින් දෙකක් සම්බන්ධ කිරිමෙහි නියතු සේවක මහතා සිදුකරන ඒ කටුක සේවය නිසා ඔහුගේ රැකියාවේ කටුකත්වය වෙන කිසිදු shunter කෙනෙක් නොලබන නිසාද පට්ටිපොල තවත් ආකරයකින් වැදගත් වේ. දුෂ්කර බව වැඩිම shunting වරයා සිටින, අවම උෂ්ණත්වයකට ලක්වන දුම්රිය ස්ථානය නිසාත් පට්ටිපොල තව දුරටත් සුවිශේෂ වේ.

මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම පට්ටිපොල දුම්රිය ස්ථානයේ ප්‍රමුඛතාවයකි. දුම්රිය මාර්ග නිතිපතා නඩත්තු කිරීම, හොඳින් පුහුණු වූ කාර්ය මණ්ඩලය සහ හදිසි ප්‍රතිචාර පද්ධති ඇතුළුව දුම්රිය ස්ථානය දැඩි ආරක්ෂක නියාමනයන්ට අනුකූල වේ.

ශ්‍රී ලංකාවේ දුම්රිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක්


ලෙස පට්ටිපොල දුම්රිය ස්ථානය ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතය. මේවාට නවීකරණ ව්‍යාපෘති, වැඩිදියුණු කළ පහසුකම් සහ සමස්ත සංචාරක අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා උසස් තාක්ෂණය හඳුන්වාදීම ඇතුළත් වේ. නවීන දියුණුව වැළඳ ගනිමින් දුම්රිය ස්ථානයේ චමත්කාරය සහ ඓතිහාසික වැදගත්කම ආරක්ෂා වනු ඇත.

දේශීය සහා විදේශීය සංචාරකයින්ගේ නොමඳ ආකර්ෂණය දිනා ගත් පට්ටිපොල දුම්රිය ස්ථානය ලොව පවතින ආකර්ෂණීයම දුම්රිය ස්ථානයකි.එය ආරක්ෂා කර ගැනීම අප සියල්ලන්ගේම යුතුකමක් වෙයි.සංචාරයට යන ඔබ එහි මතක පමණක් ඉතුරු කර පැමිණෙන්නේනම් එහි සුන්දරත්වය තවත් බොහෝ කලක් ආරක්ෂා වනු ඇත.




Thursday, October 30, 2025

සොබා දහමේ අපූරු නිමවුම යාල වනෝද්‍යානය

ස්වභාව දහමේ අසිරිය ලොවටම කියාපාන ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික

උද්‍යානය වන යාල වානෝද්‍යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිය. එය රටේ ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. කොළඹ සිට කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇති යාල,ශ්‍රී ලංකාවේ ඌව සහ දකුණු පළාත් දෙකකට අයත් වේ. මෙම රක්‍ෂිතය වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි. උද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත.


උද්‍යානයේ පිහිටීමගත් කල උතුරු, වයඹ, බටහිර සහ ඊසාන දිග ප්‍රදේශ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වේ. දකුණු නිරිතදිග ගිනිකොණ දිග හා නැගෙනහිර කොටස් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වන අතර දකුණු දිග සිට නැගෙනහිර මායිමි දක්වා ප්‍රදේශ ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවති.

යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන ඔබට කොළඹ සිට හම්බන්තොට තිස්සමහාරාමය කිරින්ද පාරේ පැමිණ යාල හන්දියෙන් හැරි පළටුපාන උද්‍යාන මුලස්ථානය එක් ප්‍රවේශ මාර්ගයක් පවතී.කොළඹ රත්නපුර ඇඹිලිපිටිය සුරියවැව මිරිජ්ජවිල හම්බන්තොට හරහා හෝ කොළඹ රත්නපුර උඩවලව තණමල්විල තිස්සමහාරාමය යාල හන්දියට පැමිණ ද තණමල්විල ලුණුගම්වෙහෙර හන්දියෙන් එම ජලාශ වේල්ල මතින් කතරගමට පැමිණ ද උද්‍යානයට ළඟා විය හැකිය.මහියංගන බිබිල බුත්තල සෙල්ලකතරගම කටගමුව ද තවත්  එක් පිවිසුම් මාර්ගයකි.


යාල වනෝද්‍යානය විවිධ පරිසර පද්ධති සහ භූ විෂමතාවලින් සමන්විත වෙයි.රක්‍ෂිතයෙන් වැඩිප‍්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් යුක්තය.


යාල රක්‍ෂිතයේ සත්ව ගහණයේ විවිධත්වය ඉතා අපූරුය.එය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. මෙහි වෙසෙන විශාල ප‍්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්‍යානයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.

2004 දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි උවදුරින් වනජීවී සංරක්‍ෂණ මධ්‍යස්ථානය සහ සංරාචක බංගලාව විනාශ වී ගිය අතර ජීවිත හානිද සිදු විය.සිදු වූ ජීවිත හානි අතර සංරාචක බංගලාවේ සේවකයින් සහ විදේශිකයින්ද වූහ. මෙහිදී සත්ව ජීවිත විශාල වශයෙන් විනාශ නොවීමට හේතුව සුනාමි රළ පැමිණෙන බවට සංවේදන ග‍්‍රහණය කර ගත් සත්වයින් උස් භූමි පෙදෙස් වලට පලා යාමයි.පසුව යාල වනෝද්‍යානය නැවත විවෘත කරනු ලැබීය.


යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයමි බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා දැක්වීය.අද වනවිට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ සංචාරක ගමනාන්තයක් බවට යාල වනෝද්‍යානය පත් වී ඇත. 


Monday, October 27, 2025

පුංචි තිරයෙත් රිදී තිරයෙත් ශ්‍රී ලාංකේය අභිමානය රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය.

 


දේශීය සිනමාවෙත් ජාත්‍යන්තර සිනමාවෙත් නිම්වළලු සොයා යන්නට මෙරට චිත්‍රපට කර්මාන්තයේ බිහි වූ අත්විතීයම නිමවුම නම්,රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයයි.තිස්සමහාරාමයේ සිට කතරගම දක්වා යන මාර්ගයේ කිලෝමීටර් 07ක් පමණ ගිය විට පාරේ දකුණු පස ඇති රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මාන නාම පුවරුව සමඟ ඇති දකුණුපස පාරේ මද දුරක් ගිය විට මෙම ටෙලි සිනමා ගම්මානය හමු වෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන්ගේ සංකල්පයක් මත 2008 වසරේදී ඉදිකිරීම් ඇරඹෙන මෙහි මුලු භූමි වපසරිය අක්කර 235කි.අදියර 03ක් යටතේ නිර්මාණය වන මෙහි පළමු අදියර සඳහා රුපියල්  මිලියන 600ක පමණ මුදලක් වැය වී ඇත.එසේම රුපියල් බිලියන 2ක් පමණ වැය කර අවසන් වූ මෙම ව්‍යාපෘතිය 2010 වසරේ මාර්තු 30 වන දින සිට මහජනතාව උදෙසා විවෘත විය.


නවීන තාක්ෂණයෙන් සැදුම්ලත් චිත්‍රාගාරයක්,වෙල් යායක්,අක්කර 50ක් පුරා විහිද යන වැවක්,පැරණි කඩමන්ඩියක්,නගරයක් ලෙස නිර්මිත දර්ශන තල මෙහිදී අපට හමු වෙයි. චිත්‍රපට රූ ගත කිරීම් සඳහා පැමිණෙන චිත්‍රපට කණ්ඩායම් සඳහා නවාතැන් පහසුකම්,නළු නිළියන් සඳහා රූපලාවන්‍යාගාරයක්,චිත්‍රපට සඳහා අවශ්‍ය බඩු රඳවා තැබීමට ගබඩාවක් ද මෙම පරිශ්‍රයේ පිහිටා ඇත.


රූගත කිරීම් සඳහා මෙහි නිර්මාණය කර ඇති දර්ශනතල යොදා ගැනීමට හැකි අතර චිත්‍රපටයේ අවශ්‍යතාව අනුව තාවකාලික දර්ශනතල නිර්මාණය කිරීමටද හැකියාව පවති.

කොළඹින් දුර බැහැර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම ටෙලි සිනමා ගම්මානය පිහිටුවීමේ වාසි ලෙස,

·        අවුරුද්දේ වැඩිම කාලයක් වර්ෂාපතනය අඩුවෙන් ලැබීම නිසා නිර්මාණ කටයුතු වලට පහසුවක් වීම.

·        විවිධ භූගෝලීය ලක්ෂණවලින් සම්න්විත වීම.


·        තිස්ස වැව සමඟ පිහිටා ඇති කඳු පන්තිය.

·        මුහුදු වෙරළ දර්ශන සඳහා කිරින්ද මුහුදු තීරය පිහිටීම.

·        කතරගම පූජා නගරය.

දැක්දිය හැකිවෙයි.

දේවි කුසුමාසන,කුසපබා,යශෝධරා,ක්ෂීර සාගරය කැළඹිනි,කදිර දිව්‍යරාජ,පත්තිනි, ගින්නෙන් උපන් සීතල වැනි චිත්‍රපටත් කෝරලේ මහත්තයා ටෙලිනාට්‍යත් මෙම පරිශ්‍රයේ රූගත කිරීම් සිදු කර ඇත.


එසේම ඇන්ඩම් ජර්මානු චිත්‍රපටයත්,බොම්බේ වෙල්වට් ඉන්දියානු චිත්‍රපටයත් මෙම ගම්මානයේ රූගත කිරීම් කර ඇත.මෙහි බොම්බෙ වෙල්වට් චිත්‍රපටය සඳහාම නිම වුනු දර්ශනතල අදටත් දැකිය හැකි වෙයි.

සංස්තික කටයුතු අමාත්‍යංශය යටතේ පාලනය වන මෙම ටෙලි සිනමා ගම්මානය මෙරට චිත්‍රපට කර්මාන්තයේ උන්නතියට ඉතාම වැදගත් ස්ථානයකි.මෙවන් ස්ථනයක් ආරක්ෂා කිරීම.සං‍රක්ෂණය කිරීම,රැක ගැනීම සඳහා චිත්‍රපට කර්මාන්තයේ නියලෙන්නන්ගේ සහා  වගකිවයුත්තන්ගේ දෑස් විවර වෙනු ඇතැයි බලාපොරොත්තුවයි.

                                                                                    


Wednesday, October 22, 2025

ගාලු පුරේ අභිමානය ගාලු කොටුව


 ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ නැරඹිය යුතු ඉතාමත් ආකර්ෂණීය සංචාරක ස්ථානයකි.ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාලු නගරයේ පිහිටි මෙම සුවිශේෂි සංචාරක කලාපය 16 වන සියවසේදී පෘතුගීසීන් විසින් සෑදූ අතර 17 වන සියවසේදී ලන්දේසීන් විසින් එය ශක්තිමත් කරන ලදී. එය අවුරුදු 400 අතීතයකට හිමිකම් කියයි. කොටුව ප්‍රදේශය කුඩා ආහාර සන්ධි, කැෆේ, ට්‍රින්කට් අලෙවි කරන සාප්පු සහ පොත් ගබඩා වලින් පිරී ඇත.යටත් විජිත යුගය දක්වා දිවෙන පොහොසත් ඉතිහාසයක් ඇති මෙම බලකොටු නගරය අතීතයේ ගෘහ නිර්මාණ ශිල්පයේ දීප්තිය සහ සංස්කෘතික උරුමය පිළිබඳ සාක්ෂියක් ලෙස පවතී. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී.

ගාලු කොටුව, ලන්දේසි බලකොටුව හෝ ගාලු කොටුව ලෙසද හැඳින්වේ, ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයේ පිහිටා ඇති ගාලු කොටු පවුර 1588 දී පෘතුග්‍රීසීන් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී. මෙය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි. මෙය පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එය ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය පිලිබඳ කදිම නිදසුනකි.අද ගාලු කොටුව පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය ආභාෂයන් ඇතුළත් යුරෝපීය ගෘහනිර්මාණ ශෛලීන්ගේ සිත් ඇදගන්නාසුළු සම්මිශ්‍රණයකි.


 ලන්දේසි යටත් විජිත සමයේදී ගාලු කොටුව සේද මාවතේ ප්‍රමුඛ වෙළෙඳ වරායක් වූ බව පෙනී යයි. බලකොටුවේ මූලෝපායික පිහිටීම යුරෝපය, මැද පෙරදිග සහ ආසියාව සම්බන්ධ කරමින් වාණිජ කටයුතු සඳහා වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් කළේය. VOC හෙවත් ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගම, බලකොටුව තුළ ඔවුන්ගේ මූලස්ථානය පිහිටුවන ලද අතර, එහි සංවර්ධනයට සහ සමෘද්ධියට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය.

එසේම ලන්දේසි පාලනයෙන් පසු යුගය සලකා බැලීමේදි,19 වැනි සියවසේ මුල් භාගයේදී බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ පාලනය ලන්දේසීන්ගෙන් ලබා ගත්හ. ඔවුන් ගාලු කොටුවේ ඓතිහාසික හා වාස්තු විද්‍යාත්මක වටිනාකම හඳුනාගෙන එය පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස දිගටම භාවිතා කළහ. බ්‍රිතාන්‍යයන් විසින් රජයේ ගොඩනැගිලි සහ ගාලු ප්‍රදීපාගාරය ඉදිකිරීම ඇතුළුව බලකොටුවෙහි වෙනස්කම් කිහිපයක් සිදු කරන ලදී.

කලු ගලින් නිර්මිත ගාලු කොටු පවුර අවට වෙරළබඩ ප්‍රදේශයේ විශ්මයජනක දසුන් සපයයි. බලකොටුවේ මූලෝපායික පිහිටීම යටත් විජිත සමයේදී එය තීරණාත්මක ආරක්ෂක බලකොටුවක් බවට පත් කළ අතර, ආක්‍රමණ සහ මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරවලින් නගරය ආරක්ෂා කළේය.


ගාලු කොටුවේ බලකොටු එහි වඩාත් කැපී පෙනෙන ලක්ෂණයකි. බලකොටුව වට කර ඇති දැවැන්ත ගල් බිත්ති සහ බලකොටුව කිලෝමීටර් 3 කට වඩා විහිදේ. මෙම බලකොටු කාලයාගේ පරීක්ෂණයට ඔරොත්තු දී ඇති අතර ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සහ වාස්තුවිද්‍යාත්මක දක්ෂතාවයෙන් නරඹන්නන් විස්මයට පත් කරයි.

 ගාලු කොටුව තුළ අලංකාර ලෙස සංරක්ෂණය කර ඇති ගොඩනැගිලි සහ ව්‍යුහයන් සංචාරකයන් පුදුමයට පත් කරයි. බලකොටුවේ ගෘහ නිර්මාණ ශිල්පය ලන්දේසි යටත් විජිත, පෘතුගීසි සහ බ්‍රිතාන්‍ය බලපෑම් ඇතුළු යුරෝපීය විලාසිතාවන් ප්‍රදර්ශනය කරයි. ගාලු කොටුවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඔර්ලෝසු කණුවේ සහ පැරණි ලන්දේසි රෝහලේ සිට ආණ්ඩුකාරවරයාගේ නිවස සහ සර්ව සාන්තුවරයන්ගේ දේවස්ථානය දක්වා ඉතිහාසය හා චමත්කාරය විදහා දක්වයි.


ගාලු කොටුව විශිෂ්ට වාස්තුවිද්‍යාත්මක ස්ථානයක් පමණක් නොවේ. එය සංස්කෘතික උරුමයනක් වේ. එහි විවිධ සම්ප්‍රදායන්, චාරිත්‍ර වාරිත්‍ර සහ කතන්දර වලින් පොහොසත්ත ඉතිහාසයක් ඉතිරි කර ඇත. විවිධ ආගමික සහ වාර්ගික පසුබිම්වලින් පැමිණි වැසියන්ගෙන් බලකොටුවේ බහු සංස්කෘතික උරුමය පිළිබිඹු වේ. සිංහල, මුස්ලිම් සහ යුරෝපීය සංස්කෘතීන්ගේ සම්මිශ්‍රණය ගාලු කොටුව තුළ ඇති ආහාර පිසීම, උත්සව සහ එදිනෙදා ජීවිතයේදී පැහැදිලි වේ.

 ගාලු කොටුවේ ගිනිකොන දෙසින් උස්ව නැඟී සිටින ගාලු ප්‍රදීපාගාරය සංකේතවත් නගර සංකේතයකි. මීටර් 26ක් උසැති මෙම ප්‍රදීපාගාරය බලකොටුව සහ අවට වෙරළ තීරයේ මනස්කාන්ත දසුනක් සපයයි. නරඹන්නන්ට ඉහළට නැඟීමට සහ හිරු බැස යෑම දැකීමට හෝ ප්‍රදීපාගාර පරිශ්‍රය තුළ පිහිටා ඇති සමුද්‍ර කෞතුකාගාරය ගවේෂණය කිරීමට හැකියාව සහිතය.


1755 දී ලන්දේසීන් විසින් ඉදිකරන ලද ලන්දේසි ප්‍රතිසංස්කරණ පල්ලිය ගාලු කොටුව තුළ පිහිටි ප්‍රමුඛ ආගමික සලකුණකි. මනරම් ලෙස සංරක්ෂණය කර ඇති මෙම දේවස්ථානය විශිෂ්ට යටත් විජිත ගෘහනිර්මාණ ශිල්පයකින් සමන්විත වන අතර එය තවමත් ක්‍රියාකාරී ආගමික ස්ථානයකි. එහි සන්සුන් වාතාවරණය සහ ඓතිහාසික වැදගත්කම සංචාරකයින් සඳහා එය නැරඹිය යුතු ස්ථානයක් බවට පත් කරයි.

කොටුව තුළ පිහිටා ඇති ගාලු ජාතික කෞතුකාගාරය කලාපයේ ඉතිහාසය සහ සංස්කෘතික උරුමයන් පිළිබඳ අවබෝධයක් සපයයි. කෞතුකාගාරය යටත් විජිත යුගය සහ දේශීය ජීවන රටාව විස්තර කරන පුරාවස්තු, කලා කෘති සහ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ප්‍රදර්ශනය කරයි. එය නරඹන්නන්ට බලකොටුවේ ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙයි.


ගාලු කොටුව නරඹන්නන් සඳහා ප්‍රියජනක සාප්පු සවාරි සහ භෝජන අත්දැකීමක් ලබා දෙයි. පටු වීදි බුටික් වෙළඳසැල්, කලාගාර සහ සිහිවටන සාප්පු වලින් සමන්විත වන අතර දේශීයව සාදන ලද අත්කම්, ඇඳුම් පැළඳුම් සහ ස්වර්ණාභරණ රාශියක් ඉදිරිපත් කරයි. රසවත් මුහුදු ආහාර ඇතුළු දේශීය හා ජාත්‍යන්තර ආහාර රස විඳිය හැකි කැෆේ, ආපනශාලා සහ බේකරි ඇත.

එහි වාස්තුවිද්‍යාත්මක සුන්දරත්වයෙන් ඔබ්බට ගාලු කොටුව වාර්ෂිකව විවිධ සිදුවීම් සහ ක්‍රියාකාරකම් පවත්වයි. මේවාට සංස්කෘතික උත්සව, චිත්‍ර ප්‍රදර්ශන, සාහිත්‍ය උත්සව සහ සම්ප්‍රදායික ප්‍රසංග ඇතුළත් වේ. මෙම උත්සව අතරතුර බලකොටුව ගවේෂණය කිරීම අමුත්තන්ට විචිත්‍රවත් සංස්කෘතික දර්ශනය දැක බලා ගැනීමට සහ ප්‍රාදේශීය ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට ඉඩ සලසයි.

ගාලු කොටුව හා බැඳි මනරම් සාහිත්‍යක් අපට හිමි වෙයි. බොහෝ ලේඛකයින්, කලාකරුවන් සහ සිනමාකරුවන් සඳහා කෞතුකාගාරයක් වී ඇත. එහි ඓතිහාසික හා මනරම් පසුබිම නවකතා සහ සංචාරක සටහන් ඇතුළු බොහෝ සාහිත්‍ය කෘතිවල දක්නට ලැබේ. බලකොටුවේ සිනමා සුන්දරත්වය චිත්‍රපට නිෂ්පාදකයින් ආකර්ෂණය කර ඇති අතර චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා කිහිපයක් එහි බිත්ති තුළ රූගත කර ඇත.


ගාලු කොටුවේ ඓතිහාසික හා සංස්කෘතික උරුමයන් සුරැකීම අතිශයින් වැදගත් නිසාවෙන්ම වරින් වර මෙම කොටුව සං‍රක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. විවිධ සංවිධාන සහ බලධාරීන් බලකොටුවේ වාස්තුවිද්‍යාත්මක අඛණ්ඩතාව ආරක්ෂා කිරීම, අබලන් වූ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සහ තිරසාර සංචාරක භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටිති. ඔවුන්ගේ උත්සාහය අනාගත පරපුරට ගාලු කොටුවේ සුන්දරත්වය සහ වැදගත්කම අගය කළ හැකි බව සහතික කරයි.

ගාලු කොටුව නැරඹීමට පැමිණෙන ඔබට ප්‍රධාන මාර්ගයෙන් සහ දුම්රියෙන් පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. ආසන්නතම ප්‍රධාන නගරය කොළඹ වන අතර එය ආසන්න වශයෙන් කිලෝමීටර් 120 ක් පමණ දුරින් පිහිටා ඇත. නිත්‍ය දුම්රිය සේවා සහ බස් රථ කොළඹ සිට ගාල්ලට සම්බන්ධ වන අතර වර්තමානය වන විට අධිවේගී මාර්ගයද නරඹන්නන්ට පහසු ගමනක් බවට පත් කරයි. ගාල්ල තුළ දේශීය ප්‍රවාහනය සඳහා ටුක්-ටුක් සහ කුලී රථ ඇත.


ගාලු
කොටුව නැරඹීමට හොඳම කාලය නොවැම්බර් සිට අප්‍රේල් දක්වා පවතින වියළි කාලයයි. මෙම කාල සීමාව තුළ කාලගුණය ප්‍රසන්න වන අතර බලකොටුව සහ අවට ගවේෂණය සඳහා සුදුසු වේ. මැයි සිට ඔක්තෝබර් දක්වා ගාල්ලට මෝසම් වැසි ඇති වන අතර එය සංචාරක සැලසුම්වලට බලපෑ හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

වත්මනෙහි ගාල්ල මහා නගර සභාව යටතේ පාලනය වන ගාලු කොටුව ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසය සහ සංස්කෘතික උරුමය පිළිබඳ ජීවමාන සාක්ෂියක් ලෙස පවතී. එහි වාස්තු විද්‍යාත්මක තේජස, පොහොසත් ඉතිහාසය සහ විචිත්‍රවත් වායුගෝලය එය සංචාරකයින් සඳහා ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කරයි. බලකොටුවේ පටු වීදි ගවේෂණය කිරීම, සහ එහි එහි මනරම් සුන්දරත්වය විදීම සදාකාලික හැඟීමක් ඉතිරි කරන අත්දැකීමකි.එය ඉතිහාසය, සංස්කෘතිය සහ ස්වභාවික සුන්දරත්වයේ සම්මිශ්‍රණයක් සොයන අය සඳහා නැරඹිය යුතුම ගමනාන්තයක් බවට පත් කරයි.
 



ඉංජිනේරු තාක්ෂණයේ විශ්මය ලොවට කියන වික්ටෝරියා වේල්ල

  මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේ...