ශ්‍රී ලංකාවේ සුන්දරම දුම්රිය ගමන් සහ ලොව දුෂ්කරතම දුම්රිය මාර්ග අතුරින් 07 වන් ස්ථානය හිමි වන උඩරට දුම්රිය මාර්ගයේ පිහිටා ඇති පට්ටිපොල දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ, මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට 1897m ක් ඉහළින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය අඹේවෙල සහ ඔහිය යන දුම්රිය ස්ථාන දෙකට මැදිව පිහිටා තිබේ.
මෙම දුම්රිය ස්ථානය
මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති අතර කොලඹ කොටුව දුම්රිය ස්ථානයේ
සිට ආසන්න වශයෙන් කිමී. 225 ක පමණ දුරක් ගෙවූ විට ප්‍රධාන මාර්ගයේ පිහිටි 62 වන දුම්රිය ස්ථානය ලෙස හමු වේ. මෙහි ආරම්භය 1893 වර්ෂයේදී පමණ සිදු වී ඇති
බව ඉතිහාස සාක්ෂි හමු වෙයි.
එමෙන්ම ලොව පිහිටා ඇති පළල අඟල් 5.5 වූ පටු අමාන දුම්රිය මාර්ගයක් ගමන් ගන්නා
උසම ස්ථානය පිහිටා ඇත්තේ ද පට්ටිපොල දුම්රිය ස්ථානය ආශ්‍රිතවයි.උඩරට මාර්ගයේ රඹුක්කන සිට බදුල්ල දක්වා ගමන්කිරිමේදී තිබෙන සීඝ්‍ර නැග්මෙහි අවසානය පට්ටිපොල දුම්රිය ස්ථානය වන අතර එතැන් පටන් බදුල්ල දක්වා ඇත්තේ බැස්මකි. නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටා තිබීම නිසාද යම් යම් කාලගුණික විපර්යාස නිසාද බොහෝ දිනවල සවස 5.00 - 5.30 වන විට අවට පරිසරය මීදුමින් වැසී යන අතර කුඩා වැහි පොදක් ද ඇති කරමින් සැඳෑ අදුර විසින් මේ සුන්දර පරිසරය ගිල ගනී. සාමාන්‍යයෙන් සවස 6 ,7 වන විට 17°c - 16°c තරම් පහල උෂ්ණත්වයක් පට්ටිපොල පරිසරය හිමි කර ගනියි.
ද්විත්ව එන්ජින් වල උපකාරයෙන් ධාවනය වන බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙහි අනෙක් එන්ජිම සවි කිරීමද සිදු වන්නේ සුන්දර පට්ටිපොල දුම්රිය ස්ථානය හි වන අතර කොලඹ කොටුව තෙක් ධාවනය වන තැපැල් දුම්රිය පසුපස එන්ජිම ඉස්සරහට සවි කිරීමද , එලෙසම බදුල්ල තෙක් ධාවනය වන දුම්රියට ගම්පොලින් ලබා දෙන එන්ජිම ඉස්සරහට සවි කිරීම ද මෙම දුම්රිය ස්ථානයේදී සිදු වේ. දුම්රිය සේවයකයන් අතරින් දුෂ්කරතම රාජකාරියක් ලෙස සැලකෙන එන්ජින් දෙකක් සම්බන්ධ කිරිමෙහි නියතු සේවක මහතා සිදුකරන ඒ කටුක සේවය නිසා ඔහුගේ රැකියාවේ කටුකත්වය වෙන කිසිදු shunter කෙනෙක් නොලබන නිසාද පට්ටිපොල තවත් ආකරයකින් වැදගත් වේ. දුෂ්කර බව වැඩිම shunting වරයා සිටින, අවම උෂ්ණත්වයකට ලක්වන දුම්රිය ස්ථානය නිසාත් පට්ටිපොල තව දුරටත් සුවිශේෂ වේ.
මගීන්ගේ ආරක්ෂාව
සහ යහපැවැත්ම සහතික කිරීම පට්ටිපොල දුම්රිය ස්ථානයේ ප්‍රමුඛතාවයකි. දුම්රිය මාර්ග නිතිපතා
නඩත්තු කිරීම, හොඳින් පුහුණු වූ කාර්ය මණ්ඩලය සහ හදිසි ප්‍රතිචාර පද්ධති
ඇතුළුව දුම්රිය ස්ථානය දැඩි ආරක්ෂක නියාමනයන්ට අනුකූල වේ.
ශ්‍රී ලංකාවේ දුම්රිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක්
ලෙස පට්ටිපොල දුම්රිය ස්ථානය ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතය. මේවාට නවීකරණ ව්‍යාපෘති, වැඩිදියුණු කළ පහසුකම් සහ සමස්ත සංචාරක අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා උසස් තාක්ෂණය හඳුන්වාදීම ඇතුළත් වේ. නවීන දියුණුව වැළඳ ගනිමින් දුම්රිය ස්ථානයේ චමත්කාරය සහ ඓතිහාසික වැදගත්කම ආරක්ෂා වනු ඇත.
දේශීය සහා විදේශීය
සංචාරකයින්ගේ නොමඳ ආකර්ෂණය දිනා ගත් පට්ටිපොල දුම්රිය ස්ථානය ලොව පවතින ආකර්ෂණීයම දුම්රිය
ස්ථානයකි.එය ආරක්ෂා කර ගැනීම අප සියල්ලන්ගේම යුතුකමක් වෙයි.සංචාරයට යන ඔබ එහි මතක පමණක්
ඉතුරු කර පැමිණෙන්නේනම් එහි සුන්දරත්වය තවත් බොහෝ කලක් ආරක්ෂා වනු ඇත.
.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)
No comments:
Post a Comment