Thursday, October 30, 2025

සොබා දහමේ අපූරු නිමවුම යාල වනෝද්‍යානය

ස්වභාව දහමේ අසිරිය ලොවටම කියාපාන ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික

උද්‍යානය වන යාල වානෝද්‍යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිය. එය රටේ ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. කොළඹ සිට කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇති යාල,ශ්‍රී ලංකාවේ ඌව සහ දකුණු පළාත් දෙකකට අයත් වේ. මෙම රක්‍ෂිතය වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි. උද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත.


උද්‍යානයේ පිහිටීමගත් කල උතුරු, වයඹ, බටහිර සහ ඊසාන දිග ප්‍රදේශ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වේ. දකුණු නිරිතදිග ගිනිකොණ දිග හා නැගෙනහිර කොටස් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වන අතර දකුණු දිග සිට නැගෙනහිර මායිමි දක්වා ප්‍රදේශ ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවති.

යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන ඔබට කොළඹ සිට හම්බන්තොට තිස්සමහාරාමය කිරින්ද පාරේ පැමිණ යාල හන්දියෙන් හැරි පළටුපාන උද්‍යාන මුලස්ථානය එක් ප්‍රවේශ මාර්ගයක් පවතී.කොළඹ රත්නපුර ඇඹිලිපිටිය සුරියවැව මිරිජ්ජවිල හම්බන්තොට හරහා හෝ කොළඹ රත්නපුර උඩවලව තණමල්විල තිස්සමහාරාමය යාල හන්දියට පැමිණ ද තණමල්විල ලුණුගම්වෙහෙර හන්දියෙන් එම ජලාශ වේල්ල මතින් කතරගමට පැමිණ ද උද්‍යානයට ළඟා විය හැකිය.මහියංගන බිබිල බුත්තල සෙල්ලකතරගම කටගමුව ද තවත්  එක් පිවිසුම් මාර්ගයකි.


යාල වනෝද්‍යානය විවිධ පරිසර පද්ධති සහ භූ විෂමතාවලින් සමන්විත වෙයි.රක්‍ෂිතයෙන් වැඩිප‍්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් යුක්තය.


යාල රක්‍ෂිතයේ සත්ව ගහණයේ විවිධත්වය ඉතා අපූරුය.එය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. මෙහි වෙසෙන විශාල ප‍්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්‍යානයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.

2004 දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි උවදුරින් වනජීවී සංරක්‍ෂණ මධ්‍යස්ථානය සහ සංරාචක බංගලාව විනාශ වී ගිය අතර ජීවිත හානිද සිදු විය.සිදු වූ ජීවිත හානි අතර සංරාචක බංගලාවේ සේවකයින් සහ විදේශිකයින්ද වූහ. මෙහිදී සත්ව ජීවිත විශාල වශයෙන් විනාශ නොවීමට හේතුව සුනාමි රළ පැමිණෙන බවට සංවේදන ග‍්‍රහණය කර ගත් සත්වයින් උස් භූමි පෙදෙස් වලට පලා යාමයි.පසුව යාල වනෝද්‍යානය නැවත විවෘත කරනු ලැබීය.


යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයමි බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා දැක්වීය.අද වනවිට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ සංචාරක ගමනාන්තයක් බවට යාල වනෝද්‍යානය පත් වී ඇත. 


2 comments:

ඉංජිනේරු තාක්ෂණයේ විශ්මය ලොවට කියන වික්ටෝරියා වේල්ල

  මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේ...