දේශීය
සිනමාවෙත් ජාත්‍යන්තර සිනමාවෙත් නිම්වළලු සොයා යන්නට මෙරට චිත්‍රපට කර්මාන්තයේ
බිහි වූ අත්විතීයම නිමවුම නම්,රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයයි.තිස්සමහාරාමයේ
සිට කතරගම දක්වා යන මාර්ගයේ කිලෝමීටර් 07ක් පමණ ගිය විට පාරේ දකුණු පස ඇති
රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මාන නාම පුවරුව සමඟ ඇති දකුණුපස පාරේ මද දුරක් ගිය විට
මෙම ටෙලි සිනමා ගම්මානය හමු වෙයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන්ගේ සංකල්පයක් මත 2008 වසරේදී ඉදිකිරීම් ඇරඹෙන මෙහි මුලු භූමි වපසරිය අක්කර 235කි.අදියර 03ක් යටතේ නිර්මාණය වන මෙහි පළමු අදියර සඳහා රුපියල් මිලියන 600ක පමණ මුදලක් වැය වී ඇත.එසේම රුපියල් බිලියන 2ක් පමණ වැය කර අවසන් වූ මෙම ව්‍යාපෘතිය 2010 වසරේ මාර්තු 30 වන දින සිට මහජනතාව උදෙසා විවෘත විය.
නවීන තාක්ෂණයෙන් සැදුම්ලත් චිත්රාගාරයක්,වෙල් යායක්,අක්කර 50ක් පුරා විහිද යන වැවක්,පැරණි කඩමන්ඩියක්,නගරයක් ලෙස නිර්මිත දර්ශන තල මෙහිදී අපට හමු වෙයි. චිත්‍රපට රූ ගත කිරීම් සඳහා පැමිණෙන චිත්‍රපට කණ්ඩායම් සඳහා නවාතැන් පහසුකම්,නළු නිළියන් සඳහා රූපලාවන්‍යාගාරයක්,චිත්‍රපට සඳහා අවශ්‍ය බඩු රඳවා තැබීමට ගබඩාවක් ද මෙම පරිශ්‍රයේ පිහිටා ඇත.
රූගත කිරීම් සඳහා
මෙහි නිර්මාණය කර ඇති දර්ශනතල යොදා ගැනීමට හැකි අතර චිත්‍රපටයේ අවශ්‍යතාව අනුව තාවකාලික
දර්ශනතල නිර්මාණය කිරීමටද හැකියාව පවති.
කොළඹින් දුර බැහැර
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම ටෙලි සිනමා ගම්මානය පිහිටුවීමේ වාසි ලෙස,
·
අවුරුද්දේ වැඩිම
කාලයක් වර්ෂාපතනය අඩුවෙන් ලැබීම නිසා නිර්මාණ කටයුතු වලට පහසුවක් වීම.
· විවිධ භූගෝලීය ලක්ෂණවලින් සම්න්විත වීම.
·
තිස්ස වැව සමඟ
පිහිටා ඇති කඳු පන්තිය.
·
මුහුදු වෙරළ දර්ශන
සඳහා කිරින්ද මුහුදු තීරය පිහිටීම.
·
කතරගම පූජා නගරය.
දැක්දිය හැකිවෙයි.
දේවි කුසුමාසන,කුසපබා,යශෝධරා,ක්ෂීර
සාගරය කැළඹිනි,කදිර දිව්‍යරාජ,පත්තිනි, ගින්නෙන් උපන් සීතල වැනි චිත්‍රපටත් කෝරලේ
මහත්තයා ටෙලිනාට්‍යත් මෙම පරිශ්‍රයේ රූගත කිරීම් සිදු කර ඇත.
එසේම ඇන්ඩම් ජර්මානු චිත්‍රපටයත්,බොම්බේ වෙල්වට් ඉන්දියානු චිත්‍රපටයත් මෙම ගම්මානයේ රූගත කිරීම් කර ඇත.මෙහි බොම්බෙ වෙල්වට් චිත්‍රපටය සඳහාම නිම වුනු දර්ශනතල අදටත් දැකිය හැකි වෙයි.
සංස්තික කටයුතු
අමාත්‍යංශය යටතේ පාලනය වන මෙම ටෙලි සිනමා ගම්මානය මෙරට චිත්‍රපට කර්මාන්තයේ උන්නතියට
ඉතාම වැදගත් ස්ථානයකි.මෙවන් ස්ථනයක් ආරක්ෂා කිරීම.සංරක්ෂණය කිරීම,රැක ගැනීම සඳහා චිත්‍රපට
කර්මාන්තයේ නියලෙන්නන්ගේ සහා වගකිවයුත්තන්ගේ
දෑස් විවර වෙනු ඇතැයි බලාපොරොත්තුවයි.
.jpeg)


.jpeg)
.jpeg)


❤️
ReplyDeleteGreat 👍
ReplyDeleteNice article 👍
ReplyDeleteimportant blog
ReplyDeleteනියමයි කරුනු ටික❤️
ReplyDelete