Monday, October 13, 2025

හෙළ ප්‍රෞඪත්වය ජීවමාන කරන සීගිරිය

 


ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය වන අනුරාධපුර රාජධානි සමයේ එනම් ක්‍රි.ව.5 සියවසේ රාජ්‍ය කළ කාශ්‍යප රාජ සමයේදි සීගිරිය නිර්මාණය කර ඇත.

ආසන්න වශයෙන් 180m පමණ උසැති පාෂාණ තීරුවකින් ආධිපත්‍ය දරන සීගිරිය මාතලේ දිස්ත්‍රික්කයේ කිඹිස්ස ප්‍රදේශයේ පිහිටා ඇත.ආග්නේය පාෂාණයන්ගෙන් නිර්මාණයන්ගෙන් නිර්මාණය වූ පර්වතයක් වන මෙය ඕනෑම දිශාවකින් බලන කළ සැතපුම් ගණනාවක් ඈතට දිස් වෙයි.

ක්‍රි.ව. 477-495 කාල පරිච්ජේදයේ රජ කළ කාශ්‍යප රජු තම රාජධානිය ලෙස සීගිරි පර්වතය තෝරා ගෙන එහි තම රජ මැදුරත්,බලකොටුවත්,අංගසම්පූර්ණ නාරයක්ද නිර්මාණය කර ඇත.තද පැහැයෙන් උතුරට නෙලා යන මහා පව්ව පාමුල දැවැන්ත සිංහයෙකුගේ ස්වරූපයෙන් දොරටුවක් ඉදි කර තිබීම හේතුවෙන් මෙම පර්වතයට සිංහගිරි,සිංහ පර්වත යන නාමය පටඹබැඳි ඇත.


පර්වතයේ සමතලා මතුපිට කාශ්‍යප රාජ මාළිගයෙහි නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුමට හේත්තු වන්නට නිර්මාණය කරන ලද දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.


සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක. මෙහි වාස්තු විද්‍යනුකුල සැලසුමක් සහිතව ඉදිකර ඇත. එමෙන්ම සීගිරිය දුර්ග බලකොටුවකි. ජල දුර්ග
, වන දුර්ග, ගිරි දුර්ග ආදියෙන් සීගිරිය සමන්විතය.

කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ පීඨ සාමාජිකයන් වෙත සීගිරියේ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂණය හිමි විය.ඊට අමතරව වාස්තු විද්‍යාත්මක කටයුතු සඳහා තවත් කණ්ඩායම්, වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කැළෑ දෙපාර්තමේන්තුව ආදියෙහි සහයෝගය ද ලබා ගැනීමට කටයුතු කර ඇත. 1986න් පසුව සීගිරි ප්‍රදේශයේ ජනාවාස පුරාවිද්‍යාව නමින් ආරම්භ කළ සහයෝගීතා ව්‍යාපෘතියට අනුව එතෙක් සීගිරියේ කළ පර්යේෂණවලින් හෙළි නොවූ බොහෝ තොරතුරු හෙළිදරව් කර ලැනීමට හැකි විය. විශේෂයෙන් ම සීගිරිය අවට ප්‍රදේශයේ කරන ලද මේ පර්යේෂණ සීගිරි ඉතිහාසය තවත් ශක්තිමත් කිරීමට පදනම විය. සංස්කෘතික ත්‍රිකෝණය බිහි වීමෙන් පසු ලෝක උරුම නගරයක් බවට පත් වූ සීගිරිය ලෝකයාගේ අවධානයට ද නිරන්තරයෙන් ලක් වන්නට විය. මෙම සිද්ධි එකිනෙක ගළපා බලන විට සීගිරිය සංස්කෘතිකමය වශයෙන් අතිශය වැදගත්කමක් උසුලන බව පැහැදිලිවේ. අදවන විටත් අතිශය සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ස්ථානයක් බවට සීගිරිය පත්ව ඇත්තේ එබැවිනි.

  1. ක්‍රි.ව.05වන සියවසේ පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම

  2. කලා ශිල්ප හා සාහිත්‍ය(කැටපත් පවුර,සීගිරි බිතු සිතුවම්,සිංහ පාදය)
  3. ඉංජිනේරු විද්‍යාව
  4. ජල තාක්ෂණය(ජල උද්‍යානය,වතුර මල්,පොකුණු)
  5. ක්‍රි.ව.05වන සියවසේ පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
  6. ගෘහ නිර්මාණ ශිල්පයහුණුගල් භාවිතය
  7. හුණුගල් භාවිතය
  8. ගොඬනැඟිලි ඉඳිකිරීමේ වාස්තු විද්‍යාව

ක්‍රි..1859දී එමර්සන් ටෙනන්ට් විසින් සීගිරිය පිළිබඳ ලියූ විස්තරයේ සීගිරිය තමා දුටු ස්වරූපය දක්වා තිබේ. සීගිරි වැව, කැටපත් පවුර, සීගිරි ගල, දිය අඟල් සහ රජ මාළිගය පිළිබදවත්, ඒවා නටඹුන්ව පවතින ආකාරයත් ඔහුගේ විස්තරයට අයත්ව තිබේ. එනම් සීගිරියේ ඇති සංස්කෘතිකමය අගනාකම්ය.

වර්තමානයේ මෙරටට විදේශ විනිමය ගෙන එන සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති,සංස්තික කලාගාරයක් බදු සීගිරිය මේ අයුරින්ම අනාගත පරපුරට දායාද කිරීම අප සැමගේ යුතුකමයි.එන්න,සැරිසරන්න හෙල උරුමය විදින්න.


 

3 comments:

ඉංජිනේරු තාක්ෂණයේ විශ්මය ලොවට කියන වික්ටෝරියා වේල්ල

  මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේ...